Friday, February 11, 2011

Adobe Illustrator වලදී වැදගත් කරුණු කීපයක්.....

Place Picture

File --------> Place

මෙමගින් වෙනත් graphic software එකක කල නිර්මාණයක් හෝ අවශ්‍ය image එකක් Illustrator Artboard එක මතට open කරගැනීමට හැකිවේ.මෙහි දක්වා ඇති files of type යන්නෙහි ඇති සියල්ලෙහිම images open කරගත හැක.








Export Image

File -------> Export

මෙමගින් illustrator artwork එකක් JPEG ලෙස සාමාන්‍ය ආකාරයට save කල නොහැකිය.ඒ සදහා ඉහත විධාන‍ය ලබා දී save as type එක ලෙස jpeg ලෙස තෝරා export කිරීම කල යුතුය.මීට අමතරව save as type වල දක්වා ඇති ඕනෑම ආකාරයක type එකක් යටතේ export කල හැක.
 
 
Change Document Color Mode

document එකෙහි color mode එක වෙනස් කිරීම පහත පරිදි කල හැක.

File -----> Document Color Mode ------>CMYK/RGB


Save for Web ( Alt + Shift + Ctrl +S )
Illustrator Art work එකක් web page එකකට ගැනීමට මෙය යොදාගනී.ඒ සදහා එය පහත පරිදි save කල යුතුය. 
 
File -----> Save for Web 



ඉන්පසු ලැබෙන box එකෙහි save මත click කර ඊළග box එකෙහි save as type එක ලෙස HTML and Images යන්න තෝරා save මත click කිරීම.





Revert (F12)

File -----> Revert

මෙහිදී save කරන ලද object එකකට වෙනස්කම් කීප‍යක් සිදුකර revert කල විට එ‍ය නැවත save කරන ලද object එක බවට පත්වේ. මෙය undo කිරීමක් මෙනි.



Add Water Mark

document එකකට water mark එකක් ලෙස text ඇතුලත් කිරීමට නම්

File -----> Scripts ------>Add Water Mark

ඉන්පසු type tool එක භාවිතයෙන් text එක type කිරීම.





Document Setup

මෙහිදී document එකෙහි අවශ්‍ය වෙනස්කම් සිදුකල හැක.

File ------> Document Setup

ලැබෙන box එකෙන් paper size එක, unit එක, paper orientation එක ආදි‍ය වෙනස් කලහැක.


 

Tuesday, January 25, 2011

Adobe Illustrator වලදී වැදගත් කරුණු කීප‍යක්.....

Arrange Objects


එක් object එකක් අනෙක් object වලට සාපේක්ෂව arrange කිරීමට අවශ්‍ය object එක select කර පහත අවශ්‍ය විධාන‍ය ලබා දීම.

Object ------> Arrange -------> Bring to Front ( Shift  + Ctrl + ] )
                                                    Bring Forward ( Ctrl + ] )
                                                    Bring Backward ( Ctrl + [ )
                                                    Bring to Back ( Shift + Ctrl + [ )



Group Object


object කීපයක් group එකක් බවට පත්කිරීමට එම object සියල්ල select කර පහත විධානය ලබාදීම.

Object -------> Group ( Ctrl + G)







Ungroup Object

group එකක් බවට පත්කල object එකක් ungroup කිරීමට එ‍ය select කර පහත විධානය ලබාදීම.

Object -------> Ungroup ( Shift + Ctrl + G)


Lock Object

Object එකක් හෝ කීපයක් art board එකෙහි lock කිරීමට එ‍ය select කර පහත විධානය ලබාදීම.

Object -------> Lock------> selection ( Ctrl + 2 )




Unlock Object  

මෙහිදී art board එකෙහි lock කල object සියල්ල unlock කිරීමට නම් පහත විධානය ලබාදීම.

Object -------> Unlock All ( Alt + Ctrl + 2 )






art board එකෙහි lock කල object එකක් පමණක් unlock කිරීමට නම් layer palette එකෙහි එම object එකට අදාල layer එක ඉදිරියේ ඇති lock symbol එක මත click කිරීම.
(පහත දක්නට ලැබෙන layer palette එකෙහි කහ පැහැයෙන් එම lock symbol පෙන්වයි.)  



Transform Object

object එකක් පිහිටන ආකාරය වෙනස් කිරීමට මෙමගින් කල හැක.

Object ------> Transform -------> Move
                                                       Rotate
                                                       Reflect
                                                       Scale
                                                       Shear




Monday, January 17, 2011

Adobe Illustrator වල palette කිපයක් හදුනාගනිමු

Character Palette

Window --------> Type --------> Character (Ctrl + T )


 
මෙම palette එක මගින් text වල‍ට අවශ්‍ය වෙනස්කම් කල හැක.

Paragraph Palette

Window -------> Type -------> Paragraph (Alt +Ctrl +T)

මෙම palette එක මගින් paragraph එකකට අවශ්‍ය වෙනස්කම් කල හැක.


Gradient Palette 

Window ------> Gradient (F9)
ඉහත විධානය මගින් ද නැත්නම් switches වල ඇති gradient color එකක් මත click  කිරීමෙන් ද Gradient Palette එක show කරගත හැක.


මෙම palette එක මගින් අපට අවශ්‍ය gradient color එකක් නිර්මාණය කල හැක.

Stroke Palette 

Window ------> Stroke ( F10)

මෙම palette එක මගින් line එකක ඝනකම වෙනස් කල හැක.

Transparency Palette 


Window ------> Transparency (Shift + F10)




object එකක් transparent කිරීමට මෙම palette එක යොදා ගනී. මෙහි opacity යන ස්ථානයෙන් අවශ්‍ය පරිදි වෙනස් කල හැක.


Check Spelling

Edit -------> Check Spelling (Ctrl +I)



text box එකක් තුල type කර ඇති text එකක spelling check කිරීමට යොදා ගනී.


Find and Replace


Edit ------->Find and Replace






යම් text එකක් find කරගැනීමට හෝ එම text එක වෙනුවට වෙනත් එකක් replace කිරීමට මෙය යොදා ගනී.


Thursday, January 13, 2011

Adobe Illustrator Tool box එක හදුනාගනිමු

5 වන කොටස‍











18.The Gradient Tool (G)
       object එකකට යොදා ඇති gradient එකක angle එක වෙනස් කිරීම සදහා මෙම tool එක යොදා ගනී.

19. i. The Eyedropper Tool (I)
         object එකකට අවශ්‍ය වර්ණ sample color වලින් දැමීමට මෙම tool එක යොදා ගනී.
     ii.The Paint Bucket Tool (K)
        object එකකට අවශ්‍ය  color  දැමීමට මෙම tool එක යොදා ගනී.
    iii.The Mesure Tool
        අවශ්‍ය ස්ථාන දෙකක දුර ප්‍රමාණ පිළිබදව දැන ගැනීමට මෙම tool එක යොදා ගනී.

20. i.The Blend Tool (W)
        shape දෙකක් ඇද ඒ අතර ඇති අතර මැදි හැඩතල ලබා ගැනීමට මෙම tool එක යොදා ගනී.      

21.i.The Slice Tool (Shift + K)
        web පිටු සැකසීමේදී object එකක් කොටස් වලට වෙන් කිරීමට මෙම tool එක යොදා ගනී.
     ii.The Slice Selection Tool
        ඉහත පරිදි කොටස් වලට වෙන් කර ඇති ඒවා වල ස්ථාන වෙනස් කිරීම‍ට මෙම tool එක යොදා ගනී.

22.i.The Scissors Tool ( C)
       object එකක කොටසක් කපා ඉවත් කිරීමට මෙම tool එක යොදා ගනී. මෙමගින් කැපීමට අවශ්‍ය   කො‍‍ටසෙහි ආරම්භක ස්ථානයත් අවසාන ස්ථානයත් select කල යුතු‍ය.
     ii.The Knife Tool
        object එකක් අවශ්‍ය හැඩයට කපා ඉවත් කර ගැනීමට මෙම tool එක යොදා ගනී.

23.i. The Hand Tool (H)
       illustration atr board එක move කිරීමට යොදා ගනී.
     ii. The Page Tool
      මෙම tool එක page එකෙහි margin තැබීමට යොදා ගනී.

24.The Zoom Tool (Z)
      illustration art board එක විශාල කිරීම‍ට මෙම tool එක යොදා ගනී.
      ctrl +  (-)   zoom අඩු කිරීමට
      ctrl +  (+)  zoom වැඩි කිරීමට 

25.Toggle Fill (X)
      object එකක‍ට fill color යෙදීමට යොදා ගනී.

26.Toggle Stroke (X)
     object එකක‍ට stroke color යෙදීමට යොදා ගනී.

මෙම tool වල‍ට පහලින් color, gradient හා none ලෙස tool 3ක් දක්නට ලැබේ.ඒවායින් පිළිවෙලින් ‍fill color දැමීමට gradient color දැමීමට හා color none කිරීමට ‍යොදාගනී.

එම tool 3ට පහලින් ඇති tool වලින් screen mode එක වෙනස් කල හැකි tool  3 ක් දක්නට ලැබේ.

Tuesday, January 11, 2011

Adobe Illustrator Tool box එක හදුනාගනිමු

4 වන කොටස‍

15. i. The Symbol Sprayer Tool (Shift + S)
         මෙම tool එක මගින් symbol palette  එකෙහි ඇති අවශ්‍ය symbol එකක් spray කර ගත හැක. 
     ii. The Symbol Shifter Tool
         මෙම tool එක spray කරන ලද symbol වලින් අවශ්‍ය symbol කීපයක් විසුරුවා හැරීම සදහා යොදා ගනී.
     iii. The Scruncher Tool
         මෙය object එකකට ඇතුලත් කරන ලද symbol වලින් අවශ්‍ය symbol කීපයක් එක තැනකට එකතු කිරීම සදහා යොදා ගනී.
     iv.The Symbol Sizer Tool
         මෙය object එකකට ඇතුලත් කරන ලද symbol වලින් තෝරාගත් කොටසක ප්‍රමාණය විශාල කිරීම සදහා යොදා ගනී.
    v. The Symbol Spinner Tool
         මෙය object එකකට ඇතුලත් කරන ලද symbol වලින් තෝරාගත්කොටස් rotate කිරීම සදහා යොදා ගනී. 
   vi. The Symbol Stainer Tool
        මෙය object එකකට ඇතුලත් කරන ලද symbol වලින් අවශ්‍ය කොටස් වල වර්ණය වෙනස්
 කිරීම සදහා යොදා ගනී.
  vii. The Symbol Screener Tool
        මෙය object එකකට ඇතුලත් කරන ලද symbol වලින් අවශ්‍ය කොටස් වල opacity එක වෙනස්
 කිරීම සදහා යොදා ගනී.
  viii.The Symbol Styler Tool
        මෙය object එකකට ඇතුලත් කරන ලද symbol වලට graphic style එකක් ඇතුලත් කිරීම සදහා
යොදා ගනී.

Window ---------> Symbol
 මගින් Symbol Palette එක show කරගත හැක.



16.i. The Column Graph Tool (J)
     ii. The Stacked Column Graph Tool
     iii.The Bar Graph Tool
     iv.The Stacked Bar Graph Tool
     v. The Line Graph Tool
     vi. The Area Graph Tool
     vii.The Pie Graph Tool
     viii.The Radar Graph Tool 


     ඉහත tool සියල්ල graph ඇදීම සදහා ‍යොදා ගනී. මෙ‍ම tool වලින් අවශ්‍ය එකක් ගෙන page එකේ area එකක් select කල විට graph එක auto ඇද ගනී.
    එවිට පහත පරිදි Data sheet එකක් ලැබේ.එහි අපට අවශ්‍ය දත්ත ඇතුලත් කර close කිරීම.නැවත
data sheet එකෙහි වෙනස්කම් කිරීම‍ට අවශ්‍ය නම් graph එක මත right click කර data select කිරීම. එවිට නැවත data sheet එක නැවත ලැබේ.






17.The Mesh Tool (U)
    මෙම tool එක මගින් object එක කොටස් වලට වෙන්කර එම කොටස් වලින් අවශ්‍ය පරිදි select කර color දැමිය හැක.

 


Wednesday, January 5, 2011

Adobe Illustrator Tool Box එක හදුනාගනිමු

3 වන කොටස








11. i.The Rotate Tool(R)
          මෙය රූපයක් භ්‍රමණය කිරීම සදහා යොදා ගනී.
      ii.The Reflect Tool (O)
        මෙය object එකක පැති මාරු කිරීම සදහා යොදා ගනී.

12. i.The Scale Tool (S)
        මෙය shape එකක size එක ‍වෙනස් කිරීම සදහා යොදා ගනී.
     ii.The Shear Tool  
         මෙය shape එකක angle එක ‍වෙනස් කිරීම සදහා යොදා ගනී.
     iii.The  Reshape Tool

         මෙය shape එකහි හැඩය ‍වෙනස් කිරීම සදහා යොදා ගනී.
13. i.The Wrap Tool (shift + R)
         මෙම  tool එක මගන් object එකක කොටසක ඇදීමක් කල හැක.
     ii. The Twirl Tool
        object එකක outline එකෙහි කෙළවරක් හෝ අවශ්‍ය ස්ථාන‍යක් වක්‍ර කිරීමට මෙය භාවිතා කරයි.
   iii.The Plucker Tool
       object එකක outline එක තැනකට එකතු කිරීමට මෙය භාවිතා කරයි.
  iv. The Bloat  Tool
      object එකක outline එකෙහි අවශ්‍ය ස්ථාන‍යක් වැඩි දියුණු කිරීමට මෙය භාවිතා කරයි. මෙහිදී මෙම tool එකෙන් cover වන area එක විශාල වේ.
  v. The Scallop Tool
     object එකක outline එකෙහි දැති ස්වභාවයක් ඇති කිරීම‍‍ට මෙය යොදා ගනී.එම දැති curser එක නවතන තැනකට එකතු වී පවතී.
  vi.The Crystallize Tool
      object එකක outline එකෙහි දැති ස්වභාවයක් ඇති කිරීම‍‍ට මෙය යොදා ගනී.එම දැති විසිරුණු ස්වභාව‍යක් ගනී.
   vii.The Wrinkel Tool
         කිසියම් object එකක outline එකෙහි සියුම් දැති ස්වභාවයක් ඇති කිරීමට මෙය යොදා ගනී.

14. The Free Transform Tool (E)
       මෙමගින් object එකක් විනිවිද පෙනෙන ස්වභාවයකට පත් කල හැක.




Friday, December 31, 2010

Adobe Illustrator Tool box එක හදුනාගනිමු


2 වන කොටස‍

07. i. The Line Segment Tool(\)
            මෙය line එකක් ඇද ගැනීම සදහා යොදා ගනී.
      ii.The Arc Tool
            මෙය arc එකක් ඇද ගැනීම සදහා යොදා ගනී.
      iii.The Spiral Tool
             මෙය දගරාකාර හැඩයක් ඇද ගැනීම සදහා යොදා ගනී.
      iv.The Rectangular Grid Tool
            මෙය වගුවක් ඇද ගැනීම සදහා යොදා ගනී.
      v.The Polar Grid Tool
            මෙය polar grid එකක් ඇද ගැනීම සදහා  යොදා ගනී.
08. i.The Rectangle Tool (M)
         මෙය සෘජුකෝණාස්‍රයක‍්  ඇද ගැනීම සදහා  යොදා ගනී.
      ii.The Rounded Rectangle Tool
         මෙය වක්‍රාකාර සෘජුකෝණාස්‍රයක‍්  ඇද ගැනීම සදහා  යොදා ගනී.      
      iii.The Ellipe Tool
          මෙය වෘත්තයක්  ඇද ගැනීම සදහා  යොදා ගනී.   
      iv.The Polygon Tool
          මෙය වෘත්තයක්  ඇද ගැනීම සදහා යොදා ගනී.
      v. The Star Tool
          මෙය star එකක්  ඇද ගැනීම සදහා  යොදා ගනී.
      vi.The Flare Tool
          මෙය ආලෝක ලප ආකාරයට  ඇද ගැනීම සදහා යොදා ගනී.
09.The Paint Brush Tool (B)
      අවශ්‍ය රූප ‍කොටස් නිදහස්ව ඇද ගැනීම සදහා මෙය යොදා ගනී.
10. i. The Pencil Tool (N)
         අවශ්‍ය රූප ‍කොටස් ඇද ගැනීම සදහා මෙය යොදා ගනී. නමුත් brush tool එක තරම් නිදහස්ව ඇදිය      නොහැක.
      ii.The Smooth Tool
         රූප කොටස් සුමට කිරීමට මෙය යොදා ගනී.
     iii.The Erase Tool
         අනවශ්‍ය රූප කොටස් erase කිරීමට මෙය යොදා ගනී. ඒ සදහා පළමුව රූපය select කර තිබි‍ය යුතුය.  ‍