Friday, February 11, 2011

Adobe Illustrator වලදී වැදගත් කරුණු කීපයක්.....

Place Picture

File --------> Place

මෙමගින් වෙනත් graphic software එකක කල නිර්මාණයක් හෝ අවශ්‍ය image එකක් Illustrator Artboard එක මතට open කරගැනීමට හැකිවේ.මෙහි දක්වා ඇති files of type යන්නෙහි ඇති සියල්ලෙහිම images open කරගත හැක.








Export Image

File -------> Export

මෙමගින් illustrator artwork එකක් JPEG ලෙස සාමාන්‍ය ආකාරයට save කල නොහැකිය.ඒ සදහා ඉහත විධාන‍ය ලබා දී save as type එක ලෙස jpeg ලෙස තෝරා export කිරීම කල යුතුය.මීට අමතරව save as type වල දක්වා ඇති ඕනෑම ආකාරයක type එකක් යටතේ export කල හැක.
 
 
Change Document Color Mode

document එකෙහි color mode එක වෙනස් කිරීම පහත පරිදි කල හැක.

File -----> Document Color Mode ------>CMYK/RGB


Save for Web ( Alt + Shift + Ctrl +S )
Illustrator Art work එකක් web page එකකට ගැනීමට මෙය යොදාගනී.ඒ සදහා එය පහත පරිදි save කල යුතුය. 
 
File -----> Save for Web 



ඉන්පසු ලැබෙන box එකෙහි save මත click කර ඊළග box එකෙහි save as type එක ලෙස HTML and Images යන්න තෝරා save මත click කිරීම.





Revert (F12)

File -----> Revert

මෙහිදී save කරන ලද object එකකට වෙනස්කම් කීප‍යක් සිදුකර revert කල විට එ‍ය නැවත save කරන ලද object එක බවට පත්වේ. මෙය undo කිරීමක් මෙනි.



Add Water Mark

document එකකට water mark එකක් ලෙස text ඇතුලත් කිරීමට නම්

File -----> Scripts ------>Add Water Mark

ඉන්පසු type tool එක භාවිතයෙන් text එක type කිරීම.





Document Setup

මෙහිදී document එකෙහි අවශ්‍ය වෙනස්කම් සිදුකල හැක.

File ------> Document Setup

ලැබෙන box එකෙන් paper size එක, unit එක, paper orientation එක ආදි‍ය වෙනස් කලහැක.


 

1 comment:

  1. IllUSTRATOR walata PLACE karana Image ekkaka tiyena pradana wasiya tami ORIGINAL file ekath ekka LINK ekak tiyagann eka. api image eka place kalata passa ORIGINAL eke karana wenaskam ewelema Illustrator file eketh UPDATE wenawa. Habai mataka atuwa ARTWORK eka wena tanakata yawanawanam LINK tiyena eva hoyala EMBED karanna oni.

    Ewagema file ekak REVERT karanna kalin mataka tiyaganna oni deyak tami REVERT karata passe ayeth UNDO karanna bari bawa.

    ada padama hodai. mama kalin padme Comment wal pennapu 1 padame waraddath hadanna.

    ReplyDelete